Friday 19th of June 2026

English Tamil
Advertiesment


ජනතාවගේ හීන විනාශ කරලා මැති ඇමතිවරු හීන හැබෑ කර ගන්නවා - විපක්ෂ නායක


2025-11-21 14894

 

ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් පාලන මැතිවරණ සමයේ ජනතාව හීන දැක්කත් ඒ හීන රජය ඉටු කළේ නැති බවත් රු. 9000 විදුලි බිල රු. 6000ට අඩු නොකිරීමට, 33%කින් විදුලි බිල අඩු කිරීම  සිදු නොකරන ලද්දේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් ජනතාවට ලබා දුන් පොරොන්දු ආදිය ඉටු නොකර ඇති බවත් අන්තිමේ විදුලි බිල අඩු කරනවා කියා මහජන උපයෝගීතා කොමිසමට විදුලි බිල වැඩි කරන්න යෝජනා කර ඇති බවත් මේ නිසා විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 70 රවටන එක හරි ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

තෙල් මිල විදුලි බිල කිව්ව වගේම අඩු කළාද?

 

එසේම තෙල් මිල සම්බන්ධයෙන් ද රජය පැවසුවේ මෙවැනි සුරංගනා කතා බවත් වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන බවත් කොමිස් නැති කර වංචා දූෂණ නැති කර තෙල් මිල විශාල මුදලකින් අඩු කරන බවට පැවසුවත් ඒ සියල්ල ඉටු නොවූ බවත් මේ සියල්ල කඩවුණු පොරොන්දු සහ රැවටීම් බවත් රැවටීම බොරැව වංචාව මේ රජයේ ක්‍රමවේදය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

සහස්දනවි ව්‍යාපෘතිය හැදුවේ බොරු දත්ත මත පදනම්ව

 

මේ වන විට රජය සහස්දනවි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඉන්දන සහ එල්. එන්. ජී එකතුවෙන් බවත් මේ ගැන කතා කරන්න පෙර රජය යුගදනවි එක ගැන සොයා බලන ලෙසත් එයත් ඉන්දන සහ එල්. එන්. ජී එකතුවෙන් ක්‍රියාත්මක කරනවා කිව්වත් අදටත් එය ඉන්ධන බලාගාරයක් බවත් මේ ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් අහන විට උත්තර නැති බවත් සහස්දනවි එකේ බොරු දත්ත පදනම් කර ගෙන කැබිනට් පත්‍රිකාවක් දමා ජනන පිරිවැය ඒකකයට රු. 20යි කියා දමා ඇත්තේ ඩොලරය 195ක් සහ ඩීසල් ලීටරයක් 110ක් වැනි බොරු දත්ත මත පදනම්ව බවත් මේ සියල්ල රජය ජනතාව නොමග යැවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

සහස්දනවි නිසා කෝඩි 7300ක් පාඩුයි
 

මේ දත්ත වැරදියි කියා මහජන උපයෝගීතා කොමිසම ලිඛිතව ලබා දී ඇති බවත් මහජන උපයෝගීතා කොමිසමම අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාව බොරුවක් රැවටිල්ලක් යැයි හදුන්වන විට විදුලි බල මණ්ඩලය සහ අමාත්‍යාංශය එකතු වී සතියක් තුළ මේ ගිවිසුම අත්සන් කරන බවත් රු කෝටි 7300ක් පමණ පාඩුවක් සිදුව ඇති බවත් මේ වරද නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

පුනර්ජනනීය බලශක්තිය ඩීසල් මාෆියාව එක්ක එකතු වෙලා විනාශ කළා

 

මැතිවරණ පොරොන්දු ලෙස මේ රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා කිව්වත් එය නොවූ බවත් වසර 5ක් තුළ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කර මෙගාවොට් 2000ක් එකතු කරනවා කියූ බවත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ආයතන 680ක් සෘජු හා වක්‍ර රැකියා ලක්ෂය ඉක්මවා ඇති බවත් වහල මත ඇති සූර්ය බලාගාර හරහා මෙගවොට් 1709ක් හා භූමියේ ඇති සුර්ය බලාගාර හරහා මෙගාවොට් 140ක් දුන්නත් දැන් මේ ව්‍යවසායකයන්ගේ ගෙවීම් ගාස්තු රු. 37 සිට 19 දක්වා අඩු කර ඇති බවත් මේ නිසා මේ සූර්ය බලශක්ති ව්‍යවසායකයන් අතරමං කර රජය කූඨ ක්‍රමවේද හරහා ඉන්ධන මාෆියාවේ වහලුන් බවට පත්ව ඇති බවත් වත්මන් රජය ඉන්ධන විදුලි බල මාෆියාවේ උප කොන්ත්‍රාත්කරුවකු වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

 

වත්මන් රජය යන්නේ හිටපු රජය ගිය පාරේමයි

 

වත්මන් රජය බලයට ආවේ නව ණය තිරසරකරණයක් හා නව IMF ගිවිසුමක් අත්සන් කරනවා කිව්වත් පසුගිය රජය පාරේ යන බවත් අපට ණය දෙන අය සමග කතා කර ගෙවන්න ඇති ණය මුදලේ ප්‍රමාණය අඩු කරන්න එකග වී ඇති බවත් මෙය එක් පැත්තකින් හරි වුවත් macro link bond එක හරහා ආර්ථික වර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න ණය බර තාව වැඩි වෙන්න එකග වී ඇති බවත් මෙය රටට හානියක් ජනතාව නියෝජනය කරනවා කියු රජය අද නිර්ධන පන්තිය පාගා දමා ඇති පසුගිය රජය කළ හානිය වත්මන් රජය නිවැරදි නොකල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment